
දිඹුලාගල ඇල්ලේවැව වැවෙහි දියණෑමට ගිය 04 ක් දියේ ගිලී මරුට
දිඹුලාගල ඇල්ලේවැව වැවෙහි දියණෑමට ගිය පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනකු දියේ ගිලී මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන ප්රදේශයේ සිට ඇල්ලේවැව ප්රදේශයේ ඥාති නිවසකට ගොස් වැවෙහි දිය නෑමට ගිය සිව් දෙනකු බවයි ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන අරලගංවිල පොලිසිය සඳහන් කරන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ එෆ් 11 බංගලාවත්ත රත්මලාන ප්රදේශයේ පදිංචිව සිටි, ලිහිණි පතිරිකාද සිල්වා[ 13], කේ. මේනකා දර්ශනී [ 30 ], ගුනානන්ද වඩුගේ රුවන් තාරක ද සිල්වා[ 27] සහ මල්ලිකා ආරච්චිගේ තිලෝකමා තිලකරත්න [25] යන පිරිසයි.
මියගිය පිරිස අතර මව සහ දියණියක්ද වන බව පොලිසිය පවසයි.
ඇල්ලේවැව වැවෙහි දිය නෑමට ගිය අවස්ථාවේදී පිරිමි පුද්ගලයා පළමුව ගැඹුරු ස්ථානයේ ගිලීමත් සමග ඔහු බේරා ගැනීම සඳහා මෙම කාන්තාවන් තිදෙනා වැවට පැන ඇති අතර එහිදී ඔවුන්ද දියේ ගිලි ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.