දියුණු ශ්‍රී ලංකාවක් ගැන ජනපතිගේ බලාපොරොත්තුව

දියුණු ශ්‍රී ලංකාවක් ගැන ජනපතිගේ බලාපොරොත්තුව

මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් ශ්‍රී ලංකාවට ඉන්දියානු අප්‍රිකානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශවීමට බාධාවක් විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

හාවඩ් විශ්වවිද්‍යාලය සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනපතිවරයා කියා සිටියේ රජයේ 25 වසරක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ තුළින් දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීම සිය ඉලක්කය බවයි.

එමෙන්ම රට ගොඩනැගීමට ඩයස්පෝරාවේ මෙන්ම සමස්ත තරුණ ප්‍රජාවට ආරාධනා කරන බව ද ඔහු එහිදී සඳහන් කළා.

මීට අමතරව දේශපාලන ස්වාධීනත්වය පවත්වා ගෙන යමින් ලෝකයේ විශාලතම වෙළෙඳ කණ්ඩායම් සමග ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

Share This