
දිය නෑමට ගිය දරුවන් තිදෙනෙක් පනිච්චන්කේනි වැවට බිළි
මඩකලපුව, වාකරේ, පනිච්චන්කේනි වැවේ දිය නෑමට ගිය දරුවන් තිදෙනෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ පස්වරුවේ එම දරුවන් තිදෙනා සිය ඥාතීන් සමඟ වැවට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.
වාකරේ, පනිච්චන්කේනි ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවන් තිදෙනෙක් ඊයේ පස්වරුවේ සිය ඥාතින් සමඟ පනිච්චන්කේනි වැවට දියනෑම සඳහා ගොස් තිබුණා.
එම අවස්ථාවේ දරුවන් තිදෙනා දිය නාමින් සිට ඇති අතර ඔවුන් සමඟ ගිය ඥාතීන් මසුන් ඇල්ලීමේ කටයුත්තක නිරතව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී දිය නාමින් සිටි දරු තිදෙනා වැලි හෑරු වලකට වැටී ඇති අතර පසුව ප්‍රදේශවාසීන්ගේ සහය මත ඔවුන් ගොඩගෙන තිබුණා.
අප වාර්තාකරු සඳහන් කළේ ඒ වන විටත් ඔවුන් මියගොස් සිට ඇති අතර එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 10 ක දියණියන් දෙදෙනෙක් සහ වයස අවුරුදු 11 ද පුතෙක් බවයි.