දිල්ලියට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

දිල්ලියට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

දිල්ලියේ සති අන්තයට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කොවිඩ් රෝගීන් වාර්තාවීම අඩුවීම හේතුවෙන්  සිකුරාදා රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා පනවා තිබු  සති අන්ත ඇඳිරි නීතිය ඉවත් කිරීමට දිල්ලි රජය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පොදු ස්ථානවල සෙනඟ ගැවසීම සීමා කිරීම සඳහා ඔත්තේ-ඉරට්ටේ දින ක්‍රියාත්මක වීමට අවසර දී තිබූ කඩ සාප්පු සහ වාණිජ ආයතන දැන් සියලු දිනවල විවෘත කිරීමට අවසර දී තිබෙන බවද සඳහන්.

දිල්ලි නගරයේ තවමත් සක්‍රීය කොවිඩ් රෝගීන් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද වාර්තා වී තිබෙනවා

Share This