දිල්ලි නගරයට ගංවතුර අනතුරු ඇඟවීම්

දිල්ලි නගරයට ගංවතුර අනතුරු ඇඟවීම්

උතුරු ඉන්දියාවට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිල්ලි නගරයට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය සෙනසුරාදා සිට අවම වශයෙන් මිය ගිය ගණන 20ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අයහපත් කාලගුණය එළඹෙන සිකුරාදා දක්වා දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

ප්‍රාන්ත කිහිපයක ගස් කඩා වැටී, නිවාස ජලයෙන් යටවී ඇති අතර ප්‍රධාන මාර්ග වසා ඇති බවයි පැවසෙන්නේ

යමුනා ගඟේ ජල මට්ටම් අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ යාමත් සමග දිල්ලි නගරයේත් ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ගං ඉවුර ආශ්‍රිතව ජීවත් වූ දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා

අවදානමට ලක්විය හැකි වෙනත් ප්‍රදේශවල වෙසෙන පදිංචිකරුවන්ට අවශ්‍යවුවහොත් ඉවත්වීමට සූදානම් වන ලෙසයි බලධාරීන් දැනුම් දී ඇත්තේ

අධික වර්ෂාපතනය හේතුවෙන් ගඟ හරහා දිවෙන ප්‍රධාන පාලමක් හරහා ගමනාගමනයද නවතා දමා ඇති අතර දෙවන දිනටත් පාසල් වසා දමා ඇති බව සඳහන්

දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ ඉදිරි දින දෙක නගරයට තීරණාත්මක වනු ඇති නමුත් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට තම රජය සූදානම් බවයි.

ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ පසුගිය සති අන්තයේ සිට පවතින අධික වර්ෂාව තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

හිමාල ප්‍රදේශ් සහ උත්තරාකාන්ද් ප්‍රාන්තවල, නායයෑම් සහ හදිසි ගංවතුර හේතුවෙන් මාර්ග සහ ගොඩනැගිලිවලට හානි වී තිබෙනවා

හිමාචල් ප්‍රදේශ්හි නායයෑම් හේතුවෙන් මහාමාර්ග 700කට අධික ප්‍රමාණයක් වසා දමා ඇති අතර රාජස්ථාන්, පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල ද දැවැන්ත ජල ගැලීම් වාර්තා වනවා

ඉන්දීය හමුදාවේ සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිමින් බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This