දිවයිනට ආ ඩොනල්ඩ් ලූ

දිවයිනට ආ ඩොනල්ඩ් ලූ

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීයෙකු ද පැමිණ ඇති බව සඳහන්.

තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ මිනිසුන් අතර සබඳතා ශක්තිමත් කිරීම සහ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම ඩොනල්ඩ් ලූ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී තිබෙනවා.

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා දෙසැම්බර් 10 වන දින දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල සංචාරය කිරීමට නියමිතයි.

කලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දිවයිනට පැමිණෙන අමෙරිකානු නියෝජිත පිරිස මෙරට නව පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජයේ නියෝජිතයින් හමුවීමට නියමිතයි.

වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අමෙරිකා එක්සත් ජනපදය සහය විය හැකි ආකාරය පිළිබඳව මෙම සංචාරයේ දී අවධානය යොමුකිරීමට නියමිත බව සඳහන්.

Share This