දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා පිරිසිදු කිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදාවේ සහාය

දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා පිරිසිදු කිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදාවේ සහාය

මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩාවන් 209ක ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ දැනට දිවයින පුරා ක්‍රියාත්මක Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එලෙස වී ගබඩා කිරීමට නියමිත වී අලෙවි මණ්ඩලයට අයත්‌ වී ගබඩාවන්‌ හා ඒ අවට භූමිය දීර්ඝ කාලීනව භාවිතා නොකිරීම හේතුවෙන්‌ භාවිතයට සුදුසු අයුරින්‌ පිරිසිදු කිරීමට දීපව්‍යාප්ත වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.

මේ සඳහා ආරක්‍ෂක අංශ වල සහයෝගය ලබාදීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්‌වරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙසේ යුද්ධ හමුදා සහාය ඒ සඳහා ලබා දී ඇති බව සඳහන්.

Share This