දිවුරුම් දුන් ආණ්ඩුකාරවරු

දිවුරුම් දුන් ආණ්ඩුකාරවරු

නව ආණ්ඩුකාරවරුන් අද (25) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හනීෆ් යූසුෆ් මහතා දිවුරුම් දී ඇති බව සඳහන්.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම්දී තිබෙනවා.

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතායි.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකු වන ජයන්තලාල් රත්නසේකර මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කර ඇති බව සඳහන්.

වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී ඇත්තේ රාජ්‍ය පාරිපාලන සේවයේ හිටපු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන තිස්ස වර්ණසූරිය මහතායි.

එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වසන්ත කුමාර විමලසිරි මහතා දිවුරුම් දී තිබෙනවා.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් චේතනායහන් මහතා දිවුරුම් දුන්නා.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත් කර ඇත්තේ චම්පා ජානකි රාජරත්න මහත්මියයි.

Share This