දිවුලපිටියේ වෙළඳසලක් බින්ද හතක් සැකපිට අත්අඩංගුවට

දිවුලපිටියේ වෙළඳසලක් බින්ද හතක් සැකපිට අත්අඩංගුවට

දිවුලපිටිය නගරයේ පිහිටි වෙළඳසලක් කඩා සැකකරුවන් හත් දෙනකු පැමිණ ලක්ෂ හතක් වටිනා පුවක් සහ ගම්මිරිස් සොරා ගත් සැකකරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට දිවුලපිටි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙම සොරකම වෙළෙඳසැලේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබූ අතර ඒ ඔස්සේ පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි.

සොරකම සිදුවී පැය විසි හතරක් ගතවීමටත් පෙර සැකකරුවන් හත් දෙනෙක් සමග ලොරි රථයක් සහ යතුරුපැදියක් සමග මෙම පිරිස අල්ලාගැනීමට පියවර ගෙන තිබුණා.

එහිදී එක් සැකකරුවකු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සොයා ගැනීමට ද පොලිස්ස සමත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි.

සැකකරුවන් හත් දෙනා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මීගමුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Share This