
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්කට අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, යටියන්තොට සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බවයි.