
දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, කන්ඳකැටිය, පස්සර, හාලිඇල, සොරණාතොට, හපුතලේ, මීගහකිවුල සහ ඌව පරණගම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවලට අදාළව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන්.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යලය බල ප්‍රදේශයට ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය 75mm ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබඳ විමසිලිමත් වන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙන්නේ