දිස්ත්‍රික් මට්ටමින් කාන්තා ආර්ථිකය හදන්න වැඩසටහනක්

දිස්ත්‍රික් මට්ටමින් කාන්තා ආර්ථිකය හදන්න වැඩසටහනක්

කාන්තාව ආර්ථික වශයෙන් සහ සාමාජීය වශයෙන් සවිබලගැන්වීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ‘කාන්තාවන් සවිබලගැන්වීමට අදාළ දිස්ත්‍රික් මට්ටමේ නියමු ව්‍යාපෘතිය’ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වුණා.

මෙම වැඩමුළුව පැවැත් වුණේ, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන්.

මෙම වැඩමුළුවේදී, වත්මන් රජය යටතේ ක්‍රියාත්මක ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ පවත්වනු ලබන කාන්තා ව්‍යාවසායකත්ව සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ සජීවනී පෙරේරා මහත්මිය කරුණු ඉදිරිපත් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුල කුමන ආකාරයක හෝ ව්‍යවසායකත්වයේ යෙදෙන කාන්තාවන් 500 කගේ නිෂ්පාදන අලෙවිය සඳහා අවස්ථා ඇති කිරීම හා පහසුකම් සැලසීම මගින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැවීම හා දේශීය හා විදේශීය වෙළඳපොළට ප්‍රවේශ වීමේ අවස්ථාව ඇති කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

 

 

 

Share This