දීඝවාපි වෙහෙරේ සර්වඥ ධාතුන් තැන්පත් කෙරේ (වීඩියෝ)
සුවහසක් ශ්‍රී ලාංකික බොදුනු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවන ප්‍රතිසංස්කරණය කරමින් පවතින ඓතිහාසික දීඝවාපි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්ස්වය අද (06) සිදු කෙරුණා.
ඒ ආරකෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගීත්වයෙන්.
ඓතිහාසික දීඝවාපි චෛත්‍ය රාජ්‍යයාණන් වහන්සේගේ අට දිශාවෙහි තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය පසුගියදා කොළඹ සම්බෝධි විහාර පරිශ්‍රයේ සිට දීඝවාපිය දක්වා වැඩම කරවීමේ මහා පෙරහැර ගමන් ආරම්භ කළා.
සම්බෝධී විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ පූජ්‍ය දරනාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙනුයි සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් මේ රථ පෙරහැර පසුගියදා ගමන් ආරම්භ කළේ.
කොළඹ සිට නුවර පාර ඔස්සේ ගමන් කළ රථ පෙරහැර ප්‍රථමයෙන්ම ළඟා වූයේ මුරුතවෙල ධම්මචක්කාරාම විහාරස්ථානය වෙතයි.
මෙම සියලු අවස්ථාවන් සජීව ලෙස ඔබට සමීප කරන්නට ස්වර්ණවාහිනි අප කටයුතු කළා.
එතැන් සිට ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මන්දිරය, තෙල්දෙණිය රඹුක්වැල්ල පුරාණ රජමහා විහාරස්ථානය, මහියංගණය රජමහා විහාරස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට රථ පෙරහර ළඟා වුණා.
සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය රැගත් රථ පෙරහර දීඝවාපි පුදබිම වෙත ගමන් ආරම්භ කළේ ඉන් අනතුරුවයි.
අද (06) පෙරවරුවේ නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ දීඝවාපි මහා වෙහෙරෙහි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම උත්සවාකාරයෙන් සිදු කෙරුණා.
ආරකෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම උතුම් පුන්‍ය මහෝත්ස්වය දීඝවාපි පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා.