
දුම්රියක් පීලි පනී -උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා-
පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඊයේ (29) පස්වරු 06.30ට කොළඹ කොටුව බලා ධාවනය වූ තැපැල් දුම්රිය ගලබඩ හා ඉගුරුඔය දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද අලුයම 1.15ට පමණ දුම්රිය පීලි පැනීම සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර කෙටිදුර දුම්රිය ගමන් වාර දෙකක් අවංගු කර ඇති බව සඳහන්.
දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.