දුම්රිය අනතුරෙන් පසු ග්‍රීසිය උණුසුම් වූ හැටි  (VIDEO)

දුම්රිය අනතුරෙන් පසු ග්‍රීසිය උණුසුම් වූ හැටි (VIDEO)

පුද්ගලයන් 43 දෙනෙකුට මරු කැඳවූ උතුරු ග්‍රීසියේ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විරෝධතා මතුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ග්‍රීසියේ දුම්රිය මාර්ග නඩත්තු කිරීමේ වගකීම දරන සමාගම වන ඇතන්ස්හි හෙලනික් දුම්රිය මූලස්ථානයෙන් පිටත කැරලිකරුවන් පොලිසිය සමග ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ව්‍යසනය සිදුවූ ස්ථානයට ආසන්න තෙසලෝනිකි සහ ලැරිසා නගරයේ ද විරෝධතා පැවැත්වුණ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රජය පවසන්නේ ස්වාධීන පරීක්ෂණයකින් පසු යුක්තිය ඉටු කරන බවයි.

මගී ප්‍රවාහන දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පසු රට පුරා දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා

මගී දුම්රියේ ඉදිරිපස මැදිරි වැඩි වශයෙන් විනාශ වී ඇති අතර යානයේ සිටි මගීන් 350 දෙනාගෙන් බොහෝ දෙනෙක් දිගු සති අන්තයකට පසු තෙසලෝනිකි වෙත ආපසු පැමිණි තරුණ තරුණියන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This