දුම්රිය අනතුරෙන් මිය ගිය අය හඳුනා ගැනීමට බෑ – DNA පරීක්ෂණ සඳහා ග්‍රීසිය සූදානම්

දුම්රිය අනතුරෙන් මිය ගිය අය හඳුනා ගැනීමට බෑ – DNA පරීක්ෂණ සඳහා ග්‍රීසිය සූදානම්

පසුගිය අඟහරුවාදා(28) මධ්‍යම රාත්‍රියට පෙර Larissa නගරයෙන් පිටත් වී ටික වේලාවකට පසු පුද්ගලයන් 350 ක් පමණ රැගත් මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් උතුරු ග්‍රීසියේදී අනතුරක් සිදුවුණා.

ජිවිත 43ක් එහිදී අහිමි වී ඇති අතර නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටි තරුණ තරුණියන් පිරිසක් මෙම දුම්රියේ සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මගී දුම්රියේ පළමු මැදිරි හතර පීලි පැන ඇති අතර පළමු මැදිරි දෙක ගිනිගෙන සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවද සඳහන් වනවා

Larissa හි නගරාධිපතිවරයා පවසා තිබෙන්නේ මියගිය අයගෙන් සමහරක් අය ජාන පරීක්ෂාවකින් පමණක් හඳුනාගත හැකි බවයි.

අතුරුදන් වූ මගීන්ගේ ඥාතීන් මළ සිරුරු හඳුනා ගැනීම සඳහා DNA සාම්පල ලබා දී ඇති බව Larissa හි රෝහලක් පවසා තිබෙනවා.

Share This