දුම්රිය දෙකක් ගැටී 26ක් මරු දකී –  උතුරු ග්‍රීසියේ බිහිසුණු අනතුර  (PHOTOS )

දුම්රිය දෙකක් ගැටී 26ක් මරු දකී – උතුරු ග්‍රීසියේ බිහිසුණු අනතුර (PHOTOS )

උතුරු ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (28) සවස ලැරිසා නගරය ආසන්නයේ ඇති වූ මෙම අනතුරෙන් මගීන් බේරා ගැනීමට සහ ඇතිවූ ගින්න නිවා දැමීමට මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබුණා.

මගීන් 350ක් පමණ රැගත් දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා

ගිනි නිවන රථවාහන 17ක් එම ස්ථානයේ ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගැටීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This