
දුම්රිය නව සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය
දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පත්කර තිබෙනවා.
පත්වීම ප්‍රදානය කරමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැව්සුවේ දුම්රිය සේවය කාර්යක්ෂමව පවත්වා ගැනීම රජයේ අරමුණ බවයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලන ගැටළු හේතුවෙන් පසුගිය සඳුදා (11) පැවති කැබිනට් රැස්වීමේදී ධම්මික ජයසුන්දර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා.
මෙම ඉවත් කිරීම සිදු වූයේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට අනුවයි.
ඒ සමඟම, දුම්රිය නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.