
දුම්රිය නියාමක බිමට වැටිලා -ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා අද (16) උදෑසන ධාවනය වූ දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමඟදී බිම ඇද වැටී තිබෙනවා.
ගම්පහ දුම්රිය ස්ථානයේ දී දුම්රිය නවත්වා එය යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා නොලැබීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදී ඔහු ගණේමුල්ල සහ බුළුගහගොඩ අතරදී දුම්රියෙන් බිමට වැටී ඇති බවටයි වාර්තා වී ඇත්තේ.
අදාළ දුම්රිය නියාමකවරයා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම සිදුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව සඳහන්.