
දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේ වැඩපිළිවෙල වඩාත් සක්‍රිය කරන්නැයි දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉල්ලයි
දුම්රිය ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයේ සිදුවන අක්‍රමිකතා වැළෙක්වීමට දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් ගෙන ඇති නව වැඩ පිළිවෙළ දුම්රිය ස්ථානාධිපතිවරුන් ගේ සංගමය පැසසීමට ලක් කරනවා.
කෙසේ නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ නිකුත් කර ඇති නව චක්‍රලේකයට අනුව ප්‍රායෝගික ගැටලු රැසක් මතුව ඇතැයි එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පෙන්වා දෙනවා.
ඔහු සදහන් කළේ විදෙස් සංචාරකයින් ගේ පාස්පෝට් අංකය දුම්රිය ප්‍රවේශ පත්‍රයේ නොමැති අවස්ථාවල දුම්රියට නැගීමට ඉඩ නොදීම තුලින් විදේශිකයින් අතර රට පිළිබද අප්‍රසාදයක් ඇතිවන බවයි.
එය රජය මේ අවස්ථාවේ සංචාරක කර්මාන්තය වැඩි දියුනු කිරීම කරගෙන යමින් සිටින අවස්ථාවේදී ජාත්‍යන්තරයට වැරදි චිත්‍රයක් යාම වළක්වාගෙන දුම්රිය ටිකට්පත් අයදුම් කිරීමට වඩා සක්‍රිය ක්‍රමවේදයක් සැකසීම වැදගත් බව සුමේද සෝමරත්න මහතා පවසනවා.