
දුම්රිය රත් වීමෙන් මහනුවර සීඝ්රගාමී දුම්රිය නැවතී මගීන් අපහසුතාවයට
කොළඹින් පෙරවරු 7ට ආරම්භ වූ මහනුවර බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය පෙරවරු 9 ට පමණ කඩුගන්නාව දුම්රිය ස්ථානයට පැමිණෙනවාත් සමගම දුම්රියේ එන්ජිම අධික ලෙස රත් වීමෙන් ක්රියා විරහිත වී නැවතී තිබෙනවා.
එය බොහෝ වේලා යථාතත්වයට පත් කර ගත නොහැකි වීම හේතුවෙන් දුම්රිය තවමත් මහනුවර දුම්රිය ස්ථානයේ නවතා ඇතැයි සඳහන්.
මේ හේතුවෙන් නිවාඩු දිනයේ මෙම දුම්රියෙන් ගමන් කළ මගීන් දැඩි අපහසුතාවයට පත් වූ බව අප වාර්තාකරු පැවසුවා.
පසුව දුම්රිය එන්ජිම යථාතත්වයට පත් කර තිබෙනවා.


