
දුම්රිය වර්ජනය අසාධාරණයි -අමාත්‍යාංශය කියයි
විසඳුම් ලබාදී තිබියදීත්, මහජනතාව අපහසුතාවයට පත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍යංශ මට්ටමින් විසදුම් ලබාදී තිබීයදීත්, ඒවා ක්‍රියාත්මක නොවීම පිටුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය හා ගැටළු සාකච්ඡා මගින් විසඳාගැනීම යනාදිය පසෙකලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවයි.
මෙම වැඩවර්ජනය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ සහ හුසු මහජනතාව පීඩාවට පත් කිරීමේ ප්රයත්නයක් බව පෙන්වාදෙන ප්‍රවාහන අමාත්‍යාංශය, දුම්රිය සේවය පවත්වාගැනීම සඳහා කළ හැකි සියලු මැදිහත්වීම අමාත්‍යාංශය සහ රජය ලෙස සෑම අයුරකින්ම සිදුකරන බවයි අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.