දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ(14) ආරම්භ කිරීමට තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම වර්ජනය ලබන අඟහරුවදා (18) දක්වා තාවකාලිකව අත්හිටවූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.

ඔහු පවසන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සමග පැවති සාකච්ඡාවේ දී ඉල්ලීම්වලින් යම්කිසි කොටසකට සාධනීය පිළිතුරු ලැබුණු බවයි.

Share This