දුර්ලභ ඩයිනසෝර ඇටසැකිල්ලක් ලබන මාසයේ දී වෙන්දේසි කෙරේ

දුර්ලභ ඩයිනසෝර ඇටසැකිල්ලක් ලබන මාසයේ දී වෙන්දේසි කෙරේ

සම්පූර්ණ ඩයිනොසෝර ඇටසැකිල්ලක් ලබන මාසයේ පැරිසියේ පැවැත්වෙන වෙන්දේසියක දී අලෙවි කිරීමට සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වෙන වෙන්දේසියකදී ඩොලර් මිලියන 1.2 කට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

එය වසර මිලියන 150 ක් පැරණි වන අතර 1990 වසරේ දී එක්සත් ජනපදයේ වයෝමිං ප්‍රාන්තයෙන් සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම විශේෂඥයන් පවසන්නේ ඇටසැකිල්ල හොඳින් සංරක්ෂණය කර ඇති බවයි

කෙසේ වෙතත් ඩයිනොසෝර පොසිල අලෙවිය සිදු කරනු ලබන්නේ ඉතා කලාතුරකින් බවයි පැවසෙන්නේ.

Share This