
දෘශ්‍යාබාධිත කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට
පළමු වන දෘශ්‍යාබාධිත පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025 ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.
අවසන් තරඟය ඊයේ (23) පැවැත්වුණේ කොළඹ පී සරා ක්‍රීඩා පිටියේදීයි.
එහිදී ඉන්දියාව සමඟ නේපාලය අවසන් තරගය සඳහා එක්ව සිටියා.
කාසිය වාසිය දිනා ගනු ලැබු ඉන්දියානු දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කළා.
පළමුවට පන්දුවට පහර දුන්නේ නේපාල දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 114 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ඕවර් 12,1 පන්දුවක දී කඩුලු තුනක් දැවී ලකුණු 117ක් ලබා ගනිමින් තරගයේ ශූරතාවය දිනා ගත්තා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කුසලාන ප්‍රදානය සඳහා එක්ව සිටියා.





