දෙදෙනෙකුට ඇණ ගැසූ කපුවා ‘කටු ඉඹුල් මුගුරක් ද සමග ‘ පොලිසියේ (PHOTO)

දෙදෙනෙකුට ඇණ ගැසූ කපුවා ‘කටු ඉඹුල් මුගුරක් ද සමග ‘ පොලිසියේ (PHOTO)

මහනුවර බලගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදී ඇණ ගැසීමේ සිද්ධියට අදාළ කපුවකු බව කියන ප්‍රධාන සැකකරු අද (01) පොලීසියට භාර වූ බව බලගොල්ල පොලීසිය සඳහන් කළා.

බලගොල්ල පොලිස් ස්ථානාධිපතිවරයා liveat8.lk වෙබ් අඩවිය කළ විමසීමක දී සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙක් ද පල්ලෙකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින්ට පහරදීමට යොදා ගත් කටු ඉඹුල් මුගුරක් ද හමුවූ බව ද බලගොල්ල පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ෆේස්බුක් ඔස්සේ තමන්ට අපහාස කළ බව පවසමින් මෙම පුද්ගලයන් දෙදෙනා පැහැරගෙන ගොස් පහරදී තිබුණා.

 

Share This