
දෙනියාය වතු කම්කරුවෝ ජනපතිට ලිපි එවයි (VIDEO)
දෙනියාය ප්‍රදේශයේ වතු කම්කරුවන් විසින් තම දෛනික වැටුප රුපියල් 2000 දක්වා වැඩි කර දෙන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපි තැපැල් කිරීමේ ව්‍යාපාරයක් අරඹා කළා.
අප වාර්තාකරු පැවසුවේ තැපැල්පත් යොමු කිරීම සදහා උදෑසනම දෙනියාය තැපැල් කාර්යාලය , විහාරහේන තැපැල් කාර්යාලය , බුත්කන්ද තැපැල් කාර්යාලය , මොරවක තැපැල් කාර්යාලය එන්සල්වත්ත තැපැල් කාර්යාලය යන ප්‍රධාන හා උප තැපැල් කාර්යාලයන් හරහා අරඹා ඇති බවයි.
තම ඉල්ලීම ඉටුවන තෙක් මෙවැනි සාමකාමී ඉල්ලිම් නව රජයට යොමුකොට වැටුප වැඩි කරන තුරු සටන අත් නොහරින බව වතු කම්කරුවන් පවසනවා.