දෙමටගොඩ චමින්දගේ හෙරොයින් ගබඩාවක් මාට්ටු

දෙමටගොඩ චමින්දගේ හෙරොයින් ගබඩාවක් මාට්ටු

මොරගහහේන, ගොනපොළ, කුඹුකවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ මෙහෙයුමක් දියත් කළා.

එහිදී හෙරෝයින් වර්ගයේ මත්කුඩු කිලෝ දෙකක් සහ මත්පෙති 4500ක් සොයාගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේදී සැකකරුවන් තිදෙනෙකුද අත්ඩංගුවට පත්වුණා.

පොලිසිය පැවසුවේ ඒ අතරින් දෙදෙනෙකු සහෝදරයින් වන බවයි.

පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ මරණීය දණ්ඩනය නියම වී සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්ද විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමද මෙහෙවයා ඇති බවයි.

Share This