
දෙමටගොඩ පාළු නිවසකින් ගිනි අවියක් සහ පතුරන් එළියට – ඝාතනයකට සඟවා තබා ඇති බවට පොලිසියට තොරතුරු
බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත දෙමටගොඩ බේස් ලයින් පාරේ කැලණි වැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබූ මිලිමීටර් නමයේ උණ්ඩ යොදන දේශීය නිෂ්පාදනය කළ ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සහ ටී 56 magazine එකක් පොලීසිය මෙහෙයුමකින් සොයා ගත්තා.
මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ බොරැල්ල වනාත ප්රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් සම්බන්ධයෙන් තවත් එක් පාර්ශවයක පුද්ගලයෙකු ඝාතනය කිරීමට මෙම ගිනි අවිය සඟවා තබා ඇති බවයි.
බොරැල්ල වනාතමුල්ල ප්රදේශයේදී මීට පෙර මෙම කණ්ඩායම් දෙක අතර ඝාතන කිහිපයක් සිදුව තිබෙනවා.
පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙන්නේ වනාතමුල්ලේ දුමින්ද සහ චතු පාර්ශ්ව අතර තවත් ගැටුමක් සම්බන්ධයෙන් මෙම ගිනි අවි සඟවා තබා ඇති බවටයි.




