දෙමටගොඩ රුවන්ගේ අතිවිශාල දේපළ ගැන කෙරුණු හෙළිදරව්ව (VIDEO)

දෙමටගොඩ රුවන්ගේ අතිවිශාල දේපළ ගැන කෙරුණු හෙළිදරව්ව (VIDEO)

පාතාල කල්ලි නායකයකු බව කියන දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරා වන දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් රුපියල් කෝටි 79ක දේපළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රාජසන්තක කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් බව කියන මෙම දේපොළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණ බවයි පැවසෙන්නේ.

මෙහිදී රාජසන්තක කළ දේපොළ අතර රුපියල් කෝටි 9ක් වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථයක්, කෝටි 16ක් වටිනා ඉඩම් 3ක්, රුපියල් කෝටි 2ක් වටිනා රත්ත්‍රං කිලෝ එකහාමරක්, රුපියල් කෝටි නවයක ස්ථාවර තැන්පතු ඇතුළු තවත් දේපොළ ඇති බව පොලිසිය සඳහන් කරනවා .

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් විශාල දේපොළ තොගයක් රාජසන්තක කළ මුල්ම අවස්ථාව මෙය බව පොලිස් ආරංචිමාර්ග පවසනවා.

මේ අතර දෙමටගොඩ රුවන්ට අයත් බව කියන සංචාරක හෝටල් කීපයක් ඇතුළු තවත් දේපොළ රැසක් රාජසන්තක කිරීමට  විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

දෙමටගොඩ රුවන් නමැත්තා 2017 වර්ෂයේ සිට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව විමර්ශණ වලින් හෙළිවී ඇති අතර දෙමටගොඩ රුවන්ගේ බාල සොහොයුරා වන දෙමටගොඩ චමින්ද භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඬුවම නියමවී සිටින අයෙක් බවද සඳහන්.

 

Share This