දෙමාපියන් කසාදයට අකමැති නිසා ගෙදර දොර වැසේ -නව යුවළ කාමරයට යන්නේ ඉනිමගෙන්

දෙමාපියන් කසාදයට අකමැති නිසා ගෙදර දොර වැසේ -නව යුවළ කාමරයට යන්නේ ඉනිමගෙන්

තම පුතු මව්පියන්ගේ අකමැත්ත මත විවාහයක් කර ගැනීමට විරෝධය දක්වමින් නිවසට ඇතුළුවන දොර වසා දැමීම නිසා අලුතගෙනා මනමාලිය සමග තමාට ඉහළ මහළයේ ඇති කාමරයට ඉනිමගකින් යාමට සිදු ව ඇතැයි අම්පාරේ තරුණයකු උහන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු වුණා

තමා සහ බිරිය උඩුමහලේ ජීවත් වන අතර ඊට නිවසේ පිටතින් ඇතුළුවීමට පඩිපේලියක් නැතැයි ද මව පියා සහ සහෝදරියන් තිදෙනා නිවසේ ප්‍රධාන දොරට අගුලු දමාගෙන සිටින බව ද එම තරුණයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවයි එම පුවත්පතේ සඳහන් වන්නේ

තමාට සහ බිරියට නිවසින් එළියට යාම සඳහා ප්‍රධාන දොර විවෘත කර තබන්නැයි මව්පියන්ට බල කරන්නැයි ද එම තරුණයා පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ

30 හැවිරිදි මෙම තරුණයා උහන පදිංචිකරුවකු වන අතර කලක් විදේශගතව රැකියාවක් කළ අයකු බවද පසුගිය අගෝස්තු මාසයේ විවාහ වී ඇතැයි ද සඳහන්

මුහුණු පොතෙන් දැන හඳුනාගත් බදුල්ලේ තරුණියක සමග මෙම තරුණයා විවාහ වී ඇත්තේ මව්පියන්ගේ දැඩි විරෝධය මැද්දෙයි

Share This