දෙවන ජන රැලිය මේ මස 29දා

දෙවන ජන රැලිය මේ මස 29දා

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශ්වය විසින් ඒකා­බ­ද්ධව පව­ත්වන ජන රැලි මාලාවේ දෙවන ජන රැලිය මොණ­රා­ගල දිස්ත්‍රි­ක්කයේ,වැල්ල­වාය නගර මධ්‍ය­යේදී මේ මස 29දා පස්වරු 2.00 ට පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබෙනවා.

දිනුම රටට – එක්ව පෙරට යන තේමාව පෙර­දැරි කොට­ගෙන මේ ජන රැලිය පව­ත්වන අතර විදේශ රැකියා ප්‍රව­ර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්ප­කු­මාර මහතා විසින් මෙය සංවි­ධාන කරනු ලැබුවා.

නව සන්ධා­නය ආරම්භ කිරී­මත් සමඟ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සමඟ ඒකා­බ­ද්ධව නව සන්ධාන වැඩ­පි­ළි­වෙළ වඩාත් ශක්ති­මත් කර තිබෙනවා.

පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රුන් වැඩිම පිරි­ස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් යුතුව දැවැන්ත සන්ධා­න­යක් ගොඩ­නැ­ඟී­මට නව සන්ධා­නය ප්‍රමුඛ අනෙ­කුත් පාර්ශ්ව­යන් කට­යුතු කර­මින් සිටිනවා.

ඒ සඳහා විවිධ දේශ­පා­ලන පක්ෂ,වෘත්තීය සමිති,සිවිල් සංවි­ධාන රැසක් නව සන්ධා­නය වටා ඒක­රා­ශි­වී­මට සූදා­න­මින් සිටින බවටයි වාර්තා වෙන්නේ.

නිමල් සිරි­පාල ද සිල්වා,මහින්ද අම­ර­වීර,ලසන්ත අල­ගි­ය­වන්න,දුමින්ද දිසා­නා­යක,ජගත් පුෂ්ප­කු­මාර,සුසිල් ප්‍රේම්ජ­යන්ත,නලින් ප්‍රනාන්දු,අනුර ප්‍රිය­ද­ර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියං­කර ජය­රත්න මහ­ත්ව­රුන්,නව සන්ධා­න­යට සහාය දක්වන පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්,හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්,පළාත් සභා මන්ත්‍රී­ව­රුන්,ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රුන්,වෘත්තීය සමිති නියෝ­ජි­ත­ව­රුන් හා සිවිල් සංවි­ධාන ක්‍රියා­කා­රීහු ඇතුළු පිරි­සක් මේ ජන රැලි­යට එක්වෙනවා.

Share This