දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමගින් අනිද්දා ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන් ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට දුනිත් වෙල්ලාලගේ සංචිතයට කැඳවා ඇති අතර ආබාධයක් හේතුවෙන් මිලාන් රත්නායක සංචිතයෙන් ඉවත් කර විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

ඒ අනුව දෙවන ටෙස්ට් තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අඛිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ඉසිත විජේසුන්දරයි.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී අනිද්දා දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබාදී තිබෙනවා.

Share This