දෙවන තරගයේ ජයත් ඉන්දියාවට

දෙවන තරගයේ ජයත් ඉන්දියාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි 20යි විස්ස තරගය කඩුලු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට ද ප්‍රමාද වූ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 162ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දු තුනක් ක්‍රීඩා කරමින් සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවත්වා දැමුණා

ඒ අනුව තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 06යි පන්දු 03කදී කඩුලු 03ක් දැවී ලකුණු 81ක් ලබා ගනිමින් ඉන්දියාව දෙවැනි තරගයේ ජය හිමි කර ගත්තා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This