
දෙවැනි ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශයට ඉනිමක සහ ලකුණු 78 ක පරාජයක්
සංචාරක බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 78 ක විශිෂ්ට ජයක් හිමිකරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඊයේ සවස බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු 06 කට ලකුණු 115 ක් රැස්කරගෙන සිටියා.
සිය ඉනිමට තවත් ලකුණු 18 ක් පමණක් රැස්කර තිබියදී බංග්ලාදේශයේ සෙසු කඩුළු 04 දැවී ගියේ මුළු ලකුණු 133 ක් ව තිබියදීයි.
ප්‍රභාත් ජයසූරිය ලකුණු 56 ට කඩුළු 05 දවා ගත්තා.
මෙය ටෙස්ට් පිටියේ ප්‍රභාත් ජයසූරිය කඩුළු 05 ක් දවාගත් 12 වන අවස්ථාවයි.
පළමු ඉනිමට බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 247 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 458 ක්.
එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සිය දෙවන ශතකය බංග්ලාදේයට එරෙහිව රැස් කරමින් ලකුණු 158 ක් රැස් කළා.
පළමු ඉනිමේ තජිඋල් ඉස්ලාම් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුළු 05 ක් දවා ගත්තේ ලකුණු 131 කටයි.
තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස නම් කළේ පැතුම් නිශ්ශංකයි.
අයි.සී.සී. ලෝක ටෙස්ට් තරගාවලියේ තරගයක් ලෙස මෙම තරගා වලිය පැවැත් වුණා.