
දෙවිනුවර පෙරහරේ අලි කළබලයක්
ඊයේ රත්‍රියේ දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්ලය අතර කතරගම දේවාලයට අයත් බානු අලියා කුල්ප්පු වීමෙන් කළබලකාරී තත්ත්වයක් ඇති වුණා.
එහිදී අලියා පහර දීමෙන් තුවාල ලැබූ ඇත් ගොව්වා පසුව රෝහල්ගත කර තිබෙනවා.
දේවාලයේ බස්නායක නිළමේවරයා පැවසුවේ ඔහු පසුව රෝහලෙන් පැමිණි බවයි.
වනජීවී නිලධාරීන් හා එක්ව අලියා පාලනය කළ බවත් ඔවුන්ගේ ඉල්ලීම අනුව සෙසු අලින් ද පෙරහරෙන් ඉවත් කර සාමාන්‍ය ලෙස පෙරහර ගමන් කළ බවත් බස්නායක නිළමේවරය සදහන් කළා.