
දෙහිඕවිට,ඊරියගොල්ල ප්‍රදේශයේ දී කාපට් තලන යන්ත්‍රයකට යටවී වැඩ පරීක්ෂකවරයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට
කෑගල්ල – අවිස්සාවල්ල මාර්ගයේ දෙහිඕවිට,ඊරියගොල්ල ප්‍රදේශයේ මේ දිනවල කාපට් අතුරමින් සංවර්ධනය ක්‍රමයෙන් සිටින විට එහි කාපට් තැලීම සඳහා භාවිතා කරන නිවු මැටික් ටයර් රෝලර් යන්ත්‍රයට යටවීමෙන් එම ආයතනයේ පරීක්ෂකවරයෙකු තුවාල ලබා තිබෙනවා.
කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවා තිබෙනවා.
එම යන්ත්‍රය කාපට් තැලීමට පසුපසට ගැනීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර තුවාලකරු වයස අවුරුදු 47 ක පුද්ගලයෙක්.
ඔහුගේ වම් කකුලට බරපතල තුවාල සිදුවී ඇති අතර එම රථය පැදවූ රියදුරු දෙහිඔවිට පොලිස් රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
