
“දෙහිබාලේ” ගේ තවත් දකුණේ කුඩු ජාවාරමක් ධීවරයෝ 5 එක්ක මාලදිවයිනේ දී කුඩු (VIDEO)
මාලදිවයිනේදී එරට ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු සිටින බවට තොරතුරු වාර්තා වනවා.
පාකිස්ථානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ එම මත්ද්‍රව්‍ය තොගය සහිත යාත්‍රාව මාලදිවයින් ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබූ අතර, ඒවා ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව පැවසෙන දෙහිබාලේ නමැත්තාගේ සැලසුමකට අනුව දකුණු වෙරළ තීරය ඔස්සේ මෙරටට ගොඩබෑමටයි සැලසුම් කර ඇත්තේ.
විදෙස්ගතව සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට මත්ද්‍රව්‍ය එවීමට වැඩි වශයෙන් තෝරා ගන්නේ මුහුදු මාර්ගයයි.
ඒ සඳහා දකුණු මුහුදු තීරය භාවිත කරන අතර, එලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ දැරූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩබිමට රැගෙන ඒමට පෙර පසුගිය කාලයේ නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ අරමුණින් මේ වනවිට මෙරට මුහුදු කලාපයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඒ අනුව ශ්‍රී ලංකාව ලබා දුන් තොරතුරකට අනුව ජාත්‍යන්තර මුහුදේදී මාලදිවයින් නාවික හමුදාව සැක කටයුතු යාත්‍රාවක් සිය භාරයට ගත්තා.
එහි තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට හැකිව ඇති අතර, ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකුද එහිදී අත්අඩංගුවට ගැනීමට මාලදිවයින ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
