දෙහිවල දී අමින්ද ප්‍රදීප් ගේ ඝාතකයින් සොයා පොලීසිය මෙහෙයුමක

දෙහිවල දී අමින්ද ප්‍රදීප් ගේ ඝාතකයින් සොයා පොලීසිය මෙහෙයුමක

ඉකුත් 6 වැනිදා රාත්‍රියේ දෙහිවල ප්‍රතිබිම්භාරාම මර්ගයේ ක්‍රීඩාංගණයක් අසලින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

එහිදී 39 හැවිරිදි අමින්ද ප්‍රදීප් නමැත්තෙක් ජීවිතක්‍ෂයට පත්වූ අතර ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන දෙහිවල සැන්ඩෝ නැමැත්තාගේ සමීපතමයෙක් බවයි වාර්තා වන්නේ.

එම ඝාතනය තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන යකා සමන්ත නමැත්තාගේ පාර්ශ්වයෙන් සිදුකර ඇති බවට ද ආරක්‍ෂක අංශවලට තොරතුරු ලැබී තිබෙනවා.

අදාළ ඝාතනයට පළි ගැනීමක් ලෙස සැන්ඩෝ විසින් යකා සමන්ත නමැත්තාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කර සිට ඇති අතර එවැනි ඝාතනයක් සඳහා සූදානමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඊයේ කටයුතු කර තිබුණා.

33 හැවිරිදි සරත් කුමාර නොහොත් එස්.එෆ්. සරා නමැති අදාළ වෙඩික්කරු ඇතුළු පිරිස සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන දෙහිවල සැන්ඩෝ නමැත්තාගේ සමීපතමයෙක් බවයි වාර්තා වන්නේ.

Share This