
දෙහිවල සත්වෝද්‍යානයට ආව ලොව විශාලතම පිඹුරු පැටව් (VIDEO)
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ලොව විශාලතම පිඹුරු විශේෂය වන රෙටි කියූ ලෙටඩ් ෆයිතන් නම් පිඹුරු යුවලට දාව පැටවුන් විස්සකට අධික සංඛ්‍යාවක් බිහිකර තිබෙනවා.
මේ සත්ව විශේෂයේ නිජ භූමිය ලෙස හැඳින්වෙන්නේ අග්නිදිග ආසියාවේ ඉන්දුනීසියාව, බංගලිදේශය, මියන්මාරය වැනි රටවල්.
මෙම පිඹුරු පැටවුන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උරග අංශය බාර පශු වෛද්‍ය දිනූකා තොන්නාදර මහත්මිය පැවසුවා.
යම් මට්ටමකට වැඩීමෙන් අනතුරුව එම සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට බලාපොරොත්තු වෙනවා.