දේවගැති ජෙරම් ප්‍රනාන්දුට විරෝධයක්
දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (05) නාවලපිටිය මිපිටිය ප්‍රදේශයට පැමිණීමත් සමග නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.
දරුවන් වෙනුවෙන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීමක් සිදු කරන බව පැවසෙන ස්ථානයකට දේවගැති ජෙරම් ප්‍රනාන්දු පැමිණීමත් සමග අදාළ ප්‍රදේශයේ ගම්වාසීන් විසින් ඔහුට එරෙහිව විරෝධය දැක්වූ බවයි වාර්තා වන්නේ.
එහිදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.
තත්ත්වය පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ද පැමිණි බවයි වාර්තා වන්නේ.