
දේවි කුසුමාසන තරු පිරිවරා කොළොම්තොටට සැපත්වේ (VIDEO)
ඉතිහාසගත ප්‍රේමයක සිනමා ආකර්ෂණයෙන්, ලයිකා ප්‍රඩක්ෂන් නිමැයුමක් ලෙසින් තිරගත වන ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය ආදායම් වාර්තා අලුත් කරමින් රුපියල් මිලියන 100 ක ආදායමක් ඉපැයීමට සමත් වී තිබෙනවා.
‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ තරු සමග විශේෂ දර්ශන වාරයක් ඊයේ පස්වරුවේ ප්‍රදර්ශනය කෙරුණේ කොළඹ , වන් ගෝල් ෆේස් පී වී ආර් සිනමා ශාලා පරිශ්‍රයේදියි.
සෙංකඩගලපුර රාජධානිය අභිමානවත් සහ ආදරණීය කළ පළමු විමලධර්මසූරිය රජතුමන්ගේ සහ කුසුමාසන දේවියගේ කතා පුවත සමගින් දේවි කුසුමාසන චිත්‍රපටය සිංහල සිනමාවට සම්ප්‍රාප්ත වුණේ ලයිකා ප්‍රඩක්ෂන් නිමැයුමක් ලෙසින්.
ලයිකා ප්‍රඩක්ෂන් වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණයෙන් මෙහි නිෂ්පාදන මෙහෙයුම සිදු කළේ ජානකී විජේරත්නයි.
මෙය සිංහල සිනමා ඉතිහාසයේ මෙතෙක් බිහි වු දැවැන්තම සිනමා නිර්මාණයද වනවා.
සිනමාලෝලී ප්‍රේක්ෂකයින්ට ජාත්‍යන්තර සිනමා නිර්මාණයක ප්‍රමිතිය තහවුරු කරමින් සාර්ථකව දින 50කට ලගා වන ‘දේවී කුසුමාසන’ ආදායම රුපියල් මිලියන 100ක ඉක්මවීමට සමත්වී තිබෙනවා.
‘දේවී කුසුමාසන’ චිත්‍රපටයේ තරු සමග තවත් විශේෂ දර්ශන වාරයක් ඊයේ පස්වරුවේ ප්‍රදර්ශනය කෙරුණේ කොළඹ, වන් ගෝල් ෆේස් පී වී ආර් සිනමා ශාලා පරිශ්‍රයේදියි.
දේවි කුසුමාසන චිත්‍රපටය නැරඹීමට, හැව්ලොක් සිටි මෝල්හි ස්කූප් සිනමා මල්ටිප්ලෙක්ස් සිනමා ශාලාව වෙත පැමිණ සිටි ප්‍රේක්ෂකයන් හමුවීමටද දේවි කුසුමාසන කණ්ඩායම සම්භන්ධ වුණා.
ඉතිහාසගත ප්‍රේමයක සිනමාගත සාක්ෂිකරුවන් වන්නට, සිනමාලෝලී ඔබට දැන් දිවයින පුරා සැවෝයි ඇතුලු ෑ්ඡ මණ්ඩලය ප්රමුඛ සිනමාශාලා රැසකදී ‘දේවී කුසුමාසන’ චිත්‍රපටය නැරඹීමට අවස්ථාව හිමිවෙනවා.