දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේදී ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය – ජනපති (VIDEO)

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේදී ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය – ජනපති (VIDEO)

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන සහයෝගිතා ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත්, ආසියානු කලාපයේ මෙන්ම අප්‍රිකානු කලාපයේද දේශගුණික අභියෝගවලට මුහුණ දීම සඳහා එමගින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා .

එසේම පසුගියදා ඩුබායි හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ (COP 28) දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ “නිවර්තන කලාපීය මුලපිරීම” යෝජනාව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කරනු ලැබුවා .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ ඊයේ (06) පැවති 2024 දකුණු ආසියානු හයිඩ්‍රොමෙට් සංසදයේ (South Asia Hydromet forum 2024) සමාරම්භක අවස්ථාව අමතමිනුයි .

ලෝක බැංකුව සහ RIMES අතර සහයෝගීතාවක් වන හයිඩ්‍රොමෙට් සංසදය කලාපීය සහයෝගීතාව සහ ධාරිතාව වැඩි දියුණු කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “කලාපීය සහයෝගීතා විවර කිරීම” යන තේමාව යටතේ අද සිට පෙබරවාරි 08 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙනවා

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි

 

 

Share This