දේශගුණ සමුළුව සඳහා අප්‍රිකානු රාජ්‍ය නායකයින් කෙන්යාවේ දී රැස් වෙයි

දේශගුණ සමුළුව සඳහා අප්‍රිකානු රාජ්‍ය නායකයින් කෙන්යාවේ දී රැස් වෙයි

අප්‍රිකානු රාජ්‍ය නායකයින් දේශගුණ සමුළුව සඳහා කෙන්යාවේ රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

එහිදී දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මහාද්වීපයේ ප්‍රවේශය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

මෙම වසර අවසානයේදී COP 28 එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී අනෙකුත් ලෝක නායකයින්ට ඉදිරිපත් කිරීමට පොදු සැලැස්මක් ඉදිරිපත් කිරීම මෙම සමුළුවේ අරමුණ බවයි පැවසෙන්නේ

ඉදිරි දින තුන තුළ, සමුළුවේ නියෝජිතයින් කාබන් විමෝචනය අඩු කිරීමට රජයන්ට උපකාර කිරීම සඳහා නව අරමුදල් ආකෘතියක් සලකා බලනු ඇති බවද සඳහන් .

කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ පැවසුවේ අප්‍රිකාව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා වූ ගැටළුවට විසඳුම් සෙවීමේ කොටසක් විය යුතු බවයි.

Share This