දේශබන්දුගේ රීට් පෙත්සමට අධිකරණයේ නියෝගය

දේශබන්දුගේ රීට් පෙත්සමට අධිකරණයේ නියෝගය

තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණ දී ඇති නියෝගය බල රහිත කරන ලෙස දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් වී තිබෙනවා.

ඒ අනුව තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය නිවේදනය කර සිටියේ.

මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බව සඳහන්.

මාතර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

Share This