
දේශබන්දු ගැන තොරතුරු දන්නවා නම් CIDයට කියන්න
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා මේ බව කියා සිටියා
හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂා කිරීම් සිදුකරන බවත් ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බව ද ඔහු එහිදී පැවසුවා
අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් දුරකථන වාර්තා සහ ඔහු රැදී සිටිය හැකි ස්ථාන ද පරීක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ
කෙසේ වෙතත් හිටපු පොලිස්පතිවරයාට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා