
දේශබන්දු ගැන විමර්ශන කමිටුවේ සහායට පොලීසියේ සිව් දෙනෙක්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ විමර්ශන කමිටුවේ සහය සඳහා නිලධාරීන් සිව්දෙනෙකු අනුයුක්ත කර තිබෙනවා
ඒ පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහායි
මේ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙලෙස එම කමිටුවේ සහාය සඳහා අනුයුක්ත කර තිබෙනවා