දේශබන්දු චෝදනා විමර්ශන කමිටුවට

දේශබන්දු චෝදනා විමර්ශන කමිටුවට

සිය ධුරයේ බලතල අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වතාවට අද (19) පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

විමර්ශන කමිටුව අද (19) පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වෙන අතර ඒ අවස්ථාවේදී කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට නොතීසියක් මඟින් දැනුම් දී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුව විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විත වේ.

Share This