
දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියා කලාපය සෙවීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුව හමුට සාක්ෂිකරුවන් 07 ක්
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව අද දින රැස් වුණා.
ඒ අනුව වැලිගම w15 හෝටලයට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේදීත් සාක්ෂිකරුවන් 07 දෙනෙකුගෙන් සාක්ෂි විමසීම සිදු කළා.
මෙම කමිටුව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වුණේ අධිකරණය මඟින් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
කොමිසම හමුවේ ප්‍රථමයෙන්ම සාක්ෂි ලබා දෙනු ලැබුවේ පොලිස් ත්‍යාග අරමුදලෙහි ප්‍රධානි ශාමලී ජයතිලක මහත්මියයි.
2023 වසරේ දෙසැම්බර් 31 වනදා අලුයම වැලිගම ප්‍රදේශයේදී වෙඩි පහරින් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරියාගේ මරණය වෙනුවෙන් ඔහුගේ බිරිදට ලබාදුන් රු. ලක්ෂ 15ක ත්‍යාග මුදල සම්බන්ධයෙන් මෙහිදී අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පිරිස් මහතා ප්‍රශ්න කර සිටියා.
අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජයතුංග බණ්ඩාර මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අතර ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමක් සිදු කළේ නැහැ.
අද දිනට තුන්වන සාක්ෂිකරු ලෙස කොමිසම හමුවේ පෙනීසිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර සේනාරත්න මහතායි.