
දේශබන්ධු පාර්ලිමේන්තු කමිටුව රැස් වේ
අධිකරණය මඟින් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව ඊයේ සිව් වන දිනටත් රැස් වුණා.
ඒ අනුව ලබන 11 වැනිදා යළි කමිටුව රැස්වීමට නියමිත අතර එදිනට ගාල්ල හා මාතර දිසාව භාර නියෝජය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු වැලිගම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සාක්ෂි සඳහා කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා.
ඊයේ පස්වරු 2කට කමිටුව යළි රැස්වූ අතර එහිදී ප්‍රථමයෙන් ඉකුත් කමිටු වාරයේදී ගත් තීන්දු තීරණ සහ එහි ප්‍රගතිය පිළිබඳ කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අල්ලස් කොමිසමේ සභාපති විනිසුරු නීල් ඉද්දවල සහ පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමලත් විනිසුරු ලලිත් ඒකනායක යන මහත්වරුන් විසින් සාකච්ඡාවට බදුන් කළා.
අනතුරුව කමිටුව හමුවේ අදහස් දැක්වූ වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජීව වීරවික්‍රම මහතා කියා සිටියේ 24 සහ 25 වන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි කියවා තේරැම් ගැනීම සඳහා පැමිණිලිකාර පාර්ශ්වය විසින් ලබා දුන් බවයි.
ස්වාමීනි එකී සාක්ෂිවල පිටපත් ලබාදෙන්නේ නම් වඩාත් සුදුසුයි
දේශබන්දු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ:
පැමිණිලිකාර පාර්ශ්වය ඊට අකමැත්තක් නොදක්වන්නේ නම් කළ හැකියි.
සභාපති විනිසුරු :
ස්වාමීනි ඊට මගේ විරුද්ධත්වයක් නැහැ
දිලීප පීරිස් :
ඒ අනුව 24 සහ 25 වන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලිඛිතව ලබාදීමට පියවර ගත් අතර එය කමිටුවට හමුවට ද ඉදිරිපත් කෙරුණා
දැන් සියලු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලිඛිතව ලබාදී අවසන්. ඔවුන් සියලු දෙනාම කමිටුව හමුවට කැඳවිය යුතුද?
සභාපති විනිසුරු :
ස්වාමීනි 28 වැනි සාක්ෂිකරු කැඳවීමට අවශ්‍ය නැහැ.
දේශබන්දු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ :
ස්වාමීනි එම සාක්ෂිකරු කැඳවිය යුතුයැයි මා යෝජනා කරනවා
දීලීප පීරිස් :
ඒ අනුව එම සාක්ෂිකරු ද කැඳවීමට කොමිසමේ එකඟතාව හිමි වුණා
ස්වාමීනි 16 වැනි සාක්ෂිකරු මේ කමිටුවේ සාමාජිකයෙක්. අනෙකුත් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසද්දී ඔහු මෙම ස්ථානයෙන් ඉවත් කළ යුතුයි
දේශබන්දු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ:
ස්වාමීනී ඊට මගේ විරුද්ධත්වයක් නැහැ
දීලීප පීරිස් :
ඒ අනුව ඊට ද කමිටුවේ එකඟතාව හිමි වූ අතර කමිටුව යළි රැස්වන ලබන 11 වැනිදා සාක්ෂි සඳහා කැඳවන්නේ කවුරුන්දැයි කමිටුව විමසා සිටියා
සභාපති විනිසුරු :
ස්වාමීනි එදිනට පළවැනි සහ 24 වන සාක්ෂිකරුවන් මෙන්ම සහ 25 වන සාක්ෂිකරු මෙන්ම 26 සාක්ෂිකරුවන් කැඳවීමට බලාපොරොත්තු වනවා
දිලීප පීරිස් :
පළමුවන සාක්ෂිකරු තමයි ස්වාමීනි නියෝජ්‍ය පොලිස්පති නිෂාන්ත ද සොයිසා
දිලීප පීරිස් :
24වැනි සාක්ෂිකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ඇනස්ලම් ද සිල්වා
දිලීප පීරිස් :
අනෙකුත් සාක්ෂිකරුවන් දෙදෙනා වන්නේ පොලිස් කොස්තාපල්වරයෙක් සහ පොලිස් සැරයන්වරයෙක්
දිලීප පීරිස් :
ස්වාමිනී ඒ ගැන මගේ විරුද්ධත්වයක් නැහැ
දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ :
ඒ අනුව පාර්ලිමේන්තු කමිටුව යළි 11 වැනිදා පෙරවරු 9.30 ට රැස්වන අතර එහිදී ඉහත සාක්ෂිකරුවන් කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි
ඒ අනුව එකී සාක්ෂි පිළිබඳව සහ ලබාදී ඇති සියලු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පිළිබඳ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වූ කමිටුවේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබූ අතර ඒ අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතයි .